"අපට පෙනෙණ දේ අපි දකින්නේ අපි බලන විධියටයි. විවිධ ආගම්, දර්ශන හා මතවාද තුළින් ලෝකය අර්ථකථනය කරන සමාජයක අපි කිතුනුවන් ලෙස ලෝකය දකින්නේ කෙසේද? ලෝකයේ රටාව අනුව හැඩ නොගැසී මනසේ අලුත්වීමකින් පරිවර්තනය වන්නැයි පාවුල් තුමා අනුශාසනා කරයි (රෝම 12:2). එපමණක් නොව, ක්‍රිස්තුන් වහන්සේගේ මනස අපට දී තිබේ යැයි කියාද අපෝස්තුලු තුමා අප දිරි ගන්වයි (2කොරි 2:16). ක්‍රිස්තු චින්තනයක් වර්ධනය කිරීම නොහොත් ක්‍රිස්තියානි ලෝකදෘෂ්ටියක් ගොඩනැගීම සැබෑ ගෝලත්වයේ අත්‍යවශ්‍ය කැපවීමකි."